අස්ලිස නැකත් පද විමසුම-3



අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්‍රහයේ තෙවෙනි කොටස මෙය වේ. ලෞකික හේතුපල දහමක් විද්‍යාමාන කරමින් මහා ඍෂීන් වහන්සේලා පෙන්වා දෙන අස්ලිස ආදී නැකත් හට ගෙන තියෙන ක්‍රමවේදය පටිච්ඡසමුප්පාදයට අනුව විග්‍රහ කිරීම මෙම වීඩියෝවේ මූලික අන්තර්ගතය වේ.
විවිධ ජනමාධ්‍ය ඔස්සේ විවිධ විද්වත් පිරිස් සිදු කරන සාකච්ඡාවලදී ඇතැම් අය "ජ්‍යෝතීශ්‍ය හුදු මිත්‍යාවක්" හැටියට තම තමන්ගේ ඝන අන්දකාරයන් අන් අයට සමාදන් කිරීමට බොහෝ විට යොදාගන්නා "කිං කරිස්සන්ති තාරකා" යන දහම් පද සහ පරියායන් සදහා අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව්පිළිසිඹියා ඥානයන්ගෙන් සියලු වැහුම් හැර පෙන්වා දුන් අරුත්බර දහම් නිධානයක් ද මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරෙයි.

(මෙම ශ්‍රව්‍ය-දෘෂ්‍ය පෙළහැරෙහි දැක්වෙන වචන පද ආදිය හොදින් නැරඹීමට වීඩියෝවේහි දකුණුපස පහත කොටසේ ඇති Settings ඹස්සේ Quality එක 480p දක්වා වැඩි කරගැනීම යහපත්ය.)

Comments

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

Guest Article: An Open Letter