Posts

Showing posts from 2020

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

“ චිත්තීකතං මහග්ඝඤ්ච අතුලං දුල්ලභ දස්සනං අනෝමසත්ත පරිභෝගං රතනං තේන වුච්චතී ” මහත් ගරුත්වයට පත්වෙන , මහත් වටිනාකමක් ඇති , අසමාන , දුලභව දැකිය හැකි , උත්තම පුද්ගලයන් පරිභෝග කරන අර්ථයන් ගෙන් රතන නම් වේ.   — සුත්තනිපාතට්ඨ කතා , රතන සූත්‍ර  වර්ණනාව 1. යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං   මෙහි පැමිණ , පොළොවෙහි හෝ අහසෙහි හෝ රැස්වූ යම්තාක් ( දෙව්බඹුන් ඇතුළු ) භූත පිරිසක් වේ ද , ඒ සියළුම භූතයෝ සතුටු සිතැත්තෝ වෙත්වා ! තවද මගේ වචනය සකසා අසත්වා ! 2. තස්මා හි භූතා නිසාමේථ සබ්බේ මෙත්තං කරෝථ මානුසියා පජාය දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං තස්මා හි නේ රක්ඛථ අප් - පමත්තා   තවද භූතයෙනි , ඔබ සියලුදෙනා මෙය අසව් ! මනුෂ්‍ය ප්‍රජාවට මෙත් කරව් ! ඒ අය ඔබට දිවාරෑ බලි පූජා කර කරති . එහෙයින් , නොපමාවම ඔවුන්ව රැකගනිව් ! 3. යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගේසු වා යං රතනං පණීතං න නෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පණීතං ඒතේන සච්චේන සුවත්ථි හෝතු   මේ මිනිස් ලොව හෝ පරලෝකයක හෝ යම් ධනයක් වේ ද , දෙව් ලොව හෝ උතුම් රත්නයක් වේ ද , ඒ කි