අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-7 "එවම්පි සබ්බභූතෙසු..."




කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් අත්ථ-ධම්ම-නිරුක්ති-පටිභාන කියන සිව්පිළියා මහා ඥානයන්ගෙන්—සියලු වැහුම් හැර—අපට පසක්කර දුන් කමටහනක් / ආරක්ඛක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්‍රහයක අවසාන කොටස මෙය වේ

මෙහිදී, "මෙත්තං ච සබ්බලොකස්මිං මානසං භාවයෙ අපරිමානං

උද්ධං අධො ච තිරියඤ්ච අසම්බාධං අවෙරං අසපත්තං" යන ගාථාවේ ආර්ය අරුත් විමසීමක් සිදු කෙරෙයි.


වහරක හිමියන්ගේ ධර්ම දේශනා ඇසුරෙන් අපේ කළණ මිතුරු තිස්ස ලියනගේ මහතා කරන ලද්දේ "ධර්මයයි මමයි" සංයුක්ත තැටි මාලාව බව කරුණාවෙන් සලකන්න. වැරදීමකින් "ධර්මයයි ඔබයි" යනුවෙන් මා සඳහන් කළ කරුණ වරදක් බැවින් ඒ ගැන කමාව අයැදිමි.

මෙම උතුම් දම් දායාදය තථාගත අරිහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේද, අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේගේද, තුන්-කාලික මහා සඟරුවනේද අනන්ත වූ ප්‍රඥ්ඥා ගුණකඳට මහා උපහාර පූජාවක්ම වේවා! මහා උපහාර පූජාවක්ම වේවා! මහා උපහාර පූජාවක්ම වේවා!


අනන්ත සසරේ පටන් මේ දක්වා දැන හෝ නොදැන බුදුන් දහම් සඟුන් යන තෙරුවනට මාගේ හිත, කය, වචන යන තුන් දොරින් යම් හෝ අවැඩක්, අසාධාරණයක්; හිංගියක්, හිංසාවක්; වරදක්, පමාද-දොසක් සිදුව ඇත් නම්, ඒ අනන්තවූ ගුණ කඳ ඉදිරියේ මම කමාව අයැදිමි! කමාව අයැදිමි! කමාව අයැදිමි! මා හට කමාව ලැබේවා! මා හට කමාව ලැබේවා! මා හට කමාව ලැබේවා!


සාධු! සාධු! සාධු! 


උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං!

Comments

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!