Posts

Showing posts from January, 2020

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!

Image
මායාවරුන් ගේ කැලැන්ඩර කතාව පාදක කරගෙන 2012.12.21 දින ලෝක විනාශය සිද්ධ වෙන බවට විවිධ ගිහිපැවිදි පිරිස් කළ කතා සහිත වීඩියෝපට YouTube අවකාශයේ තියෙනව. ඒ වගේම 2012 වැනි විවිධ හොලිවුඩ් චිත්‍රපටිත් ඒ මතය මත පිහිටා පල වුණු බවට මතක ඇති. මේ මාතෘකාව ගැන විශාරදව කරුණු පැහැදිළි කරමින් 2012 ට වසර ගණනාවකට පෙර සිටම ආර්ය ත්‍රිවිද්‍යාලාභී වහරක අභයරතනාලංකාර හිමියන් ලෝක විනාශය සිද්ධවීමට හේතු නැති බව එල්ල කරලම පවසා සිටියා උන්වහන්සේ හට ඒ සම්බන්ධ ප්‍රශ්ණ වළට පිළිතුරු දෙන අතර. මම පහත සඳහන් කරනවා ඒ සම්බන්ධව ශ්‍රාවක පිරිස් 2012.12.21 ට පෙර අහපු ප්‍රශණ timeline එකක් සහිතව සහ ඒවාට වහරක හිමියන් දුන්න ගාම්භීර පිළිතුරු. 2008 දෙසැම්බර් 26: කල්ප විනාසයක් යනු කුමක් ද? 2012 වර්ෂයේදී කල්ප විනාශයක් සිදුවෙනවාද? https://www.waharaka.com/listen/CD038-18 2009 මාර්තු 21: අපි නිවන් දකිමු යන පොතෙහි 2012 දෙසැම්බර් 21 වන දින කල්ප විනාසයක් සිදු වන බව සදහන් විය. එය අපට බලාපොරොත්තු වන අයුරු බලපාන අයුරු කෙසේද? https://www.waharaka.com/listen/CD041-33 2009 මාර්තු 28: අපි නිවන් දකිමු තුන් වන ග්‍රන්තයෙහි 2012 -12- 21 ව

රුවල් ඉරී ගිය ගීතයේ ලෝකෝත්තර අර්ථ විචාරය

Image
නැවක් උපමාකර ඇති පහත ගථාව "රුවල් ඉරී ගිය" ගීතය ගැන බුද්ධික සේමසිංහ මහතා දක්වන ලෝකෝත්තර අර්ථ විචාරය එක්ක සමපාත වෙන බවක් පෙනෙනවා. අබලා නං බලීයන්ති මද්දන්තේ නං පරිස්සයා තතෝ නං දුක්ඛමන්වේති නාවං භින්නමිවෝදකං බිඳුනු නැවක් අනතුරට පත්වෙන්නාක් මෙන් (ජලය උනා මුහුදුබත් වෙමින්)...(ආස්වාද ලුහුබදින කෙනා කෙලෙස් නිසා) දුකට (විපතට) පත් වෙනවා. රුවල් ඉරී ගිය අදහසට වඩා පතුල බිඳුණු නැවක අනතුර තීව්රයි. ඒ අවදානමේ වර්ණ සටහන රතුයි. බුදුපියාණන් වහන්සේ ඒ අනතුරේ අවදානම යථාර්ථවාදී ව නො සඟවා පෙන්වා තියෙන හැටි හරි අපූරුයි. මොන තරම් දුකක් උරුම වුනත්, ඒ දුක වහමින් පිරිය (ප්‍රිය) ම ඉස්මතු වෙන නිසා, ඒ පිරිය බව සිඳ බැලුවොත්, දුක පිරිසිඳ පෙනෙනවා. ලෝකයා සැපයි, මරු කියල කියන දේ ම දුකට හේතු වන බව ඒ කෙනා වටහාගන්නවා. රුවල් ඉරුනු නැවකින් ගොඩයන්න වෙහෙසුනාට යා හැකි එතෙරක් නැහැ. ඒ නිසා කරන්න බැරි දෙයක් කරමින් වෙහෙසන අය අවසානයේ සංසාර සාගරයේ ම ගිලී  විපතට පත්වෙනවා. නියත බිහිසුණු දුක්ඛාන්තයන් උරුම වෙන පංචකාමයෝ හරසුන් බව ⁣බෝධි මූලයේ අවබෝධ කරගත් බුදුපියාණන් වහන්සේ සඳහම් වැසි වලින් සසර කතරට සිසිල් දම