2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!

මායාවරුන් ගේ කැලැන්ඩර කතාව පාදක කරගෙන 2012.12.21 දින ලෝක විනාශය සිද්ධ වෙන බවට විවිධ ගිහිපැවිදි පිරිස් කළ කතා සහිත වීඩියෝපට YouTube අවකාශයේ තියෙනව. ඒ වගේම 2012 වැනි විවිධ හොලිවුඩ් චිත්‍රපටිත් ඒ මතය මත පිහිටා පල වුණු බවට මතක ඇති.


මේ මාතෘකාව ගැන විශාරදව කරුණු පැහැදිළි කරමින් 2012 ට වසර ගණනාවකට පෙර සිටම ආර්ය ත්‍රිවිද්‍යාලාභී වහරක අභයරතනාලංකාර හිමියන් ලෝක විනාශය සිද්ධවීමට හේතු නැති බව එල්ල කරලම පවසා සිටියා උන්වහන්සේ හට ඒ සම්බන්ධ ප්‍රශ්ණ වළට පිළිතුරු දෙන අතර.

මම පහත සඳහන් කරනවා ඒ සම්බන්ධව ශ්‍රාවක පිරිස් 2012.12.21 ට පෙර අහපු ප්‍රශණ timeline එකක් සහිතව සහ ඒවාට වහරක හිමියන් දුන්න ගාම්භීර පිළිතුරු.

2008 දෙසැම්බර් 26:
කල්ප විනාසයක් යනු කුමක් ද? 2012 වර්ෂයේදී කල්ප විනාශයක් සිදුවෙනවාද?
https://www.waharaka.com/listen/CD038-18

2009 මාර්තු 21:
අපි නිවන් දකිමු යන පොතෙහි 2012 දෙසැම්බර් 21 වන දින කල්ප විනාසයක් සිදු වන බව සදහන් විය. එය අපට බලාපොරොත්තු වන අයුරු බලපාන අයුරු කෙසේද?
https://www.waharaka.com/listen/CD041-33

2009 මාර්තු 28:
අපි නිවන් දකිමු තුන් වන ග්‍රන්තයෙහි 2012 -12- 21 වන දින ලෝක විනාශයක්, කල්ප විනාශයක් ගැන සදහන් වේ. ඒ පිලිබදව විස්තරයක් කරදෙන්න.
https://www.waharaka.com/listen/CD042-03

2009.04.09:
ලොක විනාශය ගැන
https://www.waharaka.com/listen/CD042-32

2010.01.29:
2012 වර්ෂයේ 12 21 වන දින ලෝකයේ විනාසයක් සිදුවෙතැයි බොහෝ අනාවැකි කරුවන් පවසයි. සත්‍ය වශයෙන් මෙය ලෝක විනාසයක්ද නැත්නම් කල්ප විනාසයක්ද? ධාර්මික ලෙස මෛත්‍රී සහගත චිත්ත වලින් යුතු පුද්ගලයින් මෙයට ගොදුරුවීමේ අවදානම අඩු අගයක් ගනිද? එය තේජෝ සතිය හෙවත් ගින්න මූලිකව සිදුවන විනාශයක්ද? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුලු ආසියාතික රටවල් කෙබදු ආකාරයකට මුහුන දිය හැකිද?
https://www.waharaka.com/listen/CD052-55

2010.04.23
2012දී සිදුවිය හැකියි කියන්නේ තවත් මහත්දීපයක ගිලා බැසීමක්ද මතුවීමක්ද? (විනාඩි 16.52 සිට 20.59 දක්වා)
https://www.waharaka.com/listen/CD053-02

2011.11.24:
වර්ස 2012 දෙසැම්බර් මස ලෝක විනාශයක් සිදුවන බව සමහර අය අතර මතයක් පවතිනවා මෙය සත්‍යයක්ද?
https://www.waharaka.com/listen/CD076-57

2012.08.26:
2012 දෙසැම්බර් මස ඇතිවේ යයි කියන ලෝක විනාශය පිලිබදව.
https://www.waharaka.com/listen/CD084-20

2012.10.29:
ලෝක විනාසය 2012 12 21 සිදුවේවිද?
https://www.waharaka.com/listen/CD087-06

2012.12.12:
ලෝක විනාසය ගැන පිළිබඳව
https://www.waharaka.com/listen/CD088-36

ලොව්තුරා බුදුවරුන්ට පූර්ණ වශයෙන් ගෝචර වන ලෝක විශය සම්බන්ධව වහරක හිමියන් ශ්‍රාවක ගෝචර මට්ටමට, ශ්‍රාවකයන්ට සාදාරණ මට්ටමට පසක් කළ මේ අභීත අනාවරණයන් ගෙන් පසක්වන උන්වහන්සේ ගේ ධර්ම ප්‍රතිභාවය මාගේ නමස්කාරය වේවා!

Comments

සාදු! සාදු!! සාදු!!!
උන්වහන්සේ ගේ ධර්ම ප්‍රතිභාවයට මාගේ නමස්කාරයද වේවා!
Chamara Iresh said…
සාදු සාදු සාදු !!!
Amila Salgado said…
Asanka Hettiarachchi & Chamara Iresh, මේ ලෝක විනාශ බණ ගොමුවේ 2012.10.29 බණ දෙසුම මම වහරක ගිය මුල් දිනය නිසා ඒ දෙසුම මට ටිකක් විශේෂයි. තෙරුවන් සරණයි! Thank you for commenting. First two comments in this blog!

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්