වහරකථේරාභිවන්දනා--මහානුභාවසම්පන්න වට්ටක පිරිත

 


"න භික්ඛවේ, ඒතං ඒතරහි මය්හං බලං; යං ඉමං භූමිප්පදේසං පත්වා ඒස අග්ගි නිබ්බායති. ඉදං පන මය්හං පෝරාණකසච්චබලං. ඉමස්මිං හි පදේසේ සකලම්පි ඉමං කප්පං අග්ගි න ජලිස්සති. කප්පට්ඨීයපාටිහාරියං නාමේතන්ති."

--  මහණෙනි, මෙය දැන් මාගේ බලයක් නොවේ. මේ භූමි ප්‍රදේශයට පැමිණ ගින්න නිවේ යන යමක් වේ ද, මෙය වනාහි මාගේ පැරණි සත්‍ය බලයකි. මේ ප්‍රදේශයෙහි මේ මුලු කල්පයේ ම ගින්න නොඇවිලවන්නේය. මෙය කල්පයක් පවත්නා ප්‍රාතිහාර්‍ය්‍යයක් නම් වේ.

වට්ටක පිරිත

පූරෙන්තං බෝධි සම්භාරේ - නිබ්බත්තං වට්ටක ජාතියං      යස්ස තේජේන දාවග්ගි - මහාසත්තං විවජ්ජයි

ථේරස්ස සාරිපුත්තස්ස ලෝකනාථේන භාසිතං

කප්පට්ඨායි මහාතේජං පරිත්තං තං භණාමහේ

 

අත්ථි ලෝකේ සීලගුණෝ සච්චං සෝචෙය්‍යනුද්දයා

තේන සච්චේන කාහාමි සච්චකිරියමනුත්තරං

 

ආවජ්ජිත්වා ධම්මබලං - සරිත්වා පුබ්බකෙ ජිනෙ

සච්චබලමපස්සායං - සච්චකිරියමකාසහං

 

සන්තිපක්ඛා අපතනා - සන්තිපාදා අවඤ්චනා

මාතා පිතා  නික්ඛන්තා - ජාතවේද පටික්කම

 

සහසච්චේ කතෙ මය්හං - මහාපජ්ජලිතෝ සිඛී

වජ්ජේසි සෝළස කරීසානි - උදකං පත්වා යථා සිඛී'ති

 

(සච්චේන මේ සමෝ නත්ථි - ඒසා මේ සච්ච පාරමී'ති)

 

මහා බෝසතාණන් වහන්සේ වටු පැටියෙක්  කරපු මහා සත්‍ය ක්‍රියාවක් නිසා හිත්පිත් නැති මහා ලැව්ගින්නක් නිවී ගියාවට්ටක පිරිත ලෙසින් පිරිවානා පොත් වහන්සේ තුළ තියෙන්නෙ  සිද්ධියට අදාල ගාථා පෙලක්.

 

 ලැව්ගිනි අනතුර අභියස දී උන්වහන්සේ සත්‍ය ක්‍රියාවක් කළා. 


එය අවසානයේ, "(එම්බා!) ලැව්ගින්න (ජාතවේද), ඉවත්ව යාවා! (පටික්ඛම!) කියායම් අණ කිරීමක් කළා

 

 සමඟම යම් සේ (යථා), (ලෝදිය දහරාවක් බඳුගින්නක් (සිඛී), (මුහුද බඳුජලයකට (උදකංපතිත වී (පත්තංදුරු වීයන්නාක් (වජ්ජේසි)--නිවී යන්නාක් මෙන්--මහා ප්‍රදේශකයක පැතිරෙමින් තිබු  ලැව්ගින්න පහව ගියා හේතුවෙන්එදා තමන්ට  (අත්තනෝ චේවසහ පලායන්නට නොහැකි  කොටු වුනු සෙසු කුරුල්ලන්ට  (සෙසසකුණානං සුවපත් බව (සොත්ථිභාවංසළසාලීමට අප මහාබෝසතාණන් වහන්සේ හට හැකි වුනා.


මොකද එකම වර්ගයක කුරුළු ජාති බොහෝ විට කැදලිතනන්නෙ එකම කාලයක නිසාබෝසත් වට්ටපෝතකයා වගේ අසරණ වූ තව කුරුල්ලන් කැදලි වළ ලැව්ගින්න නිසා අසරණව සිට තියෙනවා.

 

වට්ටක පිරිතේ අදාල ගාථා පාඨය සවිඤ්ඤාණික මහබෝසත් වටුපෝතකයා විසින් අවිඤ්ඤාණික තේජෝ දාතුවට කළආඤ්ඥාවක් සදිසියිවෙනත් විදිහකින් කිව්වොත්පණ ඇති සත්ත්වයෙක්ව හිටිය වටු පැටියා විසින් පණ නැති ලැව්ගින්න වෙත අමතා තමන් වෙතින් ඉවත්ව යාවා යැයි කළ අණ කිරීමක් බඳුයි.

 

එහෙම කොහොමද වෙන්නෙ

 

 කාරණාව පැහැදිලි කිරීමට පෙර මේ ඇති වූ හදිසි ආපදාවට අදාල පසුතලය පැහැදිළි කළ යුතුයි.

 

එදා ඇති වුන ලැව්ගින්න පොඩිපහෙ එකක් එහෙම නොවෙයිඒක මහා භූමි ප්‍රදේශයක පැතිරුණ එකක්කොච්චර  කියනව නම් කරීස දහසයක විසාල භූමි පෙදෙසක දවා වනසමින් පැතිර ගිය එකක්. එක කරීසයක් කියන්නෙ අද අපිට තේරෙන මිනුම් ඒකකයකින් කිව්වොත්අක්කර අටක් පමණ. සෝළසකරීසානි කියන්නෙ කරීස දහසයක්. . කියන්නෙ අක්කර එකසිය විසිඅටක විසාල භූමි පෙදෙසක්.

 

එදා උන්වහන්සේ වටු ජාතියේ ඉපද විසූ වන පෙදෙසේ වියලි කාලයට  වගේ ලැව්ගිනි වසරක් පුරා පැතිර යන බව සදහන්එහෙම තැන් අදටත් තියෙනවාගින්නට ඔරොත්තු දෙන අරළුබුළුනෙල්ලි, කහට වගේ ගස් ජාති අතරින් පතර වැඩී ඇති තෘණ පඳුරු ගහන ගල්ඔයඇල්ල වැල්ලවාය වගේ පැතිඑයට උදාහරණ.

 

වටුවෝ කියන්නෙ මහපොළොව මතම  වෙසෙන කුරුළු ජාතියක්උන් කැදලි තනන්නෙත් ගස් පඳුරු අතර පොලොව මතයිඑදා බුර බුරා නැඟී  ලැව්ගින්න නිසා මරණ බියෙන් මව්පිය වටු කුරුලු යුවල පලාගිහිනුයි තිබුණේබෝලයක් වගේ වටකුරු දේහ ස්වරූපයක් තිබුණු බෝසත් වටු පැටියා එදා තමන්ට වුනු හදිසි ආපදාව නිසා කැදැල්ල තුළ බොහෝම අසරණවයි සිටියෙ

 

ලැව්ගින්න කියන දෙය  අනුව අප මහාබෝසතාණන් වහන්සේ හට පැවැත්ම තුළ මුහුණදෙන්න වුන ස්වභාව ධර්මයේ සත්‍යයක් (සච්චසභාවධම්මං).

 

මහා බෝසතත් වටු පැටියා හට පියාපත් (පක්ඛාඇති (සන්තිනමුත්ඒවා හරියට පියඹා යා හැකි තරම් පිහිටා නැහැ (අපතනා). ඒ නිසා පියඹා යන්න නොහැකි පියාපත් ඇති බව කියන කාරණාව මහා බෝසතත් වටු පැටියා තුළින් විද්‍යාමාන වුනු ස්වභාව ධර්මයේ සත්‍යයක්ඒකයි "සන්ති පක්ඛා අපතනාකියන පාඨයෙන් අදහස් වෙන්නෙ. ඒක සරලව කියනවා නම්, (මට) පියාසර කළ නොහැකි පියාපත් ඇත, කියන එකයි.

 

 වගේම මහා බෝසතත් වටු පැටියා හට කකුල් (පාදාදෙකත් ඇති (සන්තිනමුත් ඒවා ගිනි අනතුරින් පාදය බාවිතා කරපලායාමට නොහැකිය (අවඤ්චනාකියන කාරණාවත් උන්වහන්සේ තුළ වූ ස්වභාව ධර්මයේ තවත් සත්‍යයක්. "සන්තිපාදා අවඤ්චනා" කියන කියන පද පෙලින් අදහස් වෙන්නෙඒක සරලව කියනවා නම්, (මට) පියවර තබා ගමන් කළ නොහැකි පාද ඇත, කියන එකයි.  නිසා යම් අනතුරක දී වටුවො සාමාන්‍යයෙන් කරනවා වගේ දුව ඇවිද බේරෙන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ.

 

 වගේම, මරණ බියෙන් මව්පිය කුරුල්ලන් පැටවා හැර දමා පලායාම (මාතා පිතා  නික්ඛන්තාකියන කාරණායත් බෝසත් වටු පැටියා මුහුණ දුන්න ස්වභාව ධර්මයේ තවත් සත්‍යයක්

 

ඉතින් බෝසත් වටු පැටියා තුළින් දෘෂ්‍යමාන වුනු මේ ස්වභාව ධර්ම සියල්ල ම එකට කැටිකර "අසරණ වීම" කියන කාරණයෙන් තමන් තුළ ප්‍රකට වුන එක් වූ ස්වභාව ධර්මයේ සත්‍යයක් (ඒකං සච්ච ස්වභාවධම්මං) ඇති හැටි උන්වහන්සේ මෙනෙහි කළා.

 

 අනුව ලැව්ගින්න නැමති ස්වභාව ධර්මයේ කටුක වූ බාහිර සත්‍ය වැළැක්වීමට තමන් තුළින් විද්‍යාමාන වනු ස්වභාව ධර්මයේ කටුක වූ සත්‍යයන් දක්ෂ ලෙස ගලපා ලීමක් මහා ප්‍රඤ්ඤාසම්පන්න අප මහාබෝසතාණන් වහන්සේ සිදු කළා.

 

හැබැයි මේ සත්‍ය ක්‍රියා පෙළහැරට පෙර උන්වහන්සේ සිද්ධ කළ ඉතා වැදගත් පූර්ව කෘත්‍යයක් තියෙනවා තමයි ගිනි අනතුරින් මුක්තිය ලැබීම පිණිස තමන් තුළ විද්‍යාමානව ඇති ඒ අසරණ බවෙහි සත්‍යයට සාපේක්ෂකව සසර ගිනි නිවීමෙ මහා ගුණ බල ඇති උතුම් සාසන සත්‍ය සහ ගුණ ඇත (අත්ථි) ආදි වශයෙන් අනුස්සතියට ගැනීමයි

 

 අනුව ලෝකයේ සීල ගුණය (ලෝකේ සීලගුණොයන යමක් ඇත (අත්ථි);  වගේ ,(බුදුවරු දෙසන මහා සිව්සස් දහම් ආදීසත්‍ය (සච්චං), සහ (උන්වහන්සේලා තුළින් විද්‍යාමාන වන), පාරිශුද්ධ චිත්තය (සෝච්‍යෙමෙත්තාකරුණා ආදී ගුණස්කන්ධයන් (අනුද්දියාදයානුකම්පාව ආදී ගුණකියා දෙයක් ඇතකියා සිහි කළා. "අත්ථි ලෝකේ සීලගුණෝ සච්චං සෝච්‍යොනුද්දියා" යන්නෙන් අදහස් කරන්නෙ ඒකයි.

 

 සත්‍යානුසාරයෙන් (තේන සච්චේනඋතුම් වූ සත්‍ය ක්‍රියාවක් (සච්චකිරියං අනුත්තමං--සච්චකිරිමනුත්තරංකරමි (කාහාමි), කියල බෝසත් වටු පැටියා හිතාගත්තා.

 

 අනුවපෙර විසූ (පුබ්බකේසර්වඤ්ඥයන් වහන්සේලා (ජිනේසිහිකර (සරිත්වා), උන්වහන්සේලා ගෙ සහ  උතුමන්වහන්සේලා දෙසූ දම් කඳේ අපමණ බලය ආවර්ජනය කර (ආවජ්ජිත්වා ධම්ම බලං සත්‍ය බලය (සච්ච බලංවිමසා බලා (අපස්සායසත්‍ය ක්‍රියාවක් කළා (සච්චකිරියං අකාසහං). "ආවජ්ජිත්වා ධම්මබලං සරිත්වා පුබ්බකේ ජිනේ, සච්චබලමපස්සාය සච්චකිරියමකාසහංකියා ඇත්තේ ඒකයි. ඒක සරලව කිය⁣තොත්, "මම පෙර බුදුවරුන් සිහි කොට, ධර්ම බලය ආවර්ජනය කොට, සත්‍ය බලය විමසා බලා සත්‍යක්‍රියාවක් කළෙමි" කියන එකයි.

 

එහෙම කරල නැඟුණු මහා සාසන බලයක පිහිටා තමයි උන්වහන්සේ ගේ සහ සෙසු පක්ෂීන් ගේ ජීවිත මුක්තිය පිණිස එදා ඒ සත්‍යක්‍රියාව සිද්ධ කළෙඒක හරියට බලගැන්වී තියෙන විශාල බැටරි කෝෂයකට කුඩා බැටරි කෝෂයක් සවිකරල, ඒක බලගන්වල, ඒකෙන් ආලෝකය ලබා ගන්නව වගේ වැඩක්.

 

 කියන්නෙ තුනුරුවනේ සත්‍ය සහ ගුණ සිහියට නගමින් තමන් සහ සෙසු කුරුල්ලන්ගෙද යහපත පිණිස මහා සත්‍යක්‍රියා පෙළහැරක් පෑවාඒක සාසන ගුණ සිහිකර තමන් තුළින් විද්‍යාමාන වුනු ස්වභාව ධර්මයෙ සත්‍ය  සිහිපත් කරමින් සිදු කළ විශේෂ පැතුමක්

 

"සච්චේන මේ සමෝ නත්ථී ඒසා මේ සච්චපාරමීතිකියන වැකිය -- මේ සත්‍යක්‍රියාව හා සමාන වෙනත් සත්‍යයක් (හෝ සත්‍යක්‍රියාවක්නැත යන තේරුම ඇති පිරිවානා පොතේ සඳහන් වට්ටක පිරිතේ අවසාන පාඨයජාතක පාලියේ හෝ ජාතක අටුවාවේ සඳහන් නැති නිසා, පසුව එකතු කරන ලද එකක් බව පැහැදිළියි.

 

මහානුභාවසම්පන්න වට්ටක පිරිත පාදක වුනු උතුම් සත්‍යක්‍රියා ප්‍රාතිහාර්ය නිසා  ප්‍රදේශය මේ කල්පය මුළුල්ලේ කිසිම ලැව්ගින්නකින් දැවී විනාශ නොහැකි බවින් යුතු හේතුවෙන් එය කල්පස්ථායී ප්‍රාතිහාර්‍යයක් (කප්පට්ඨීයපාටිහාරියං) බව භික්ෂු සංඝයා අමතා සිදු කළ තථාගත විවරණය මේ ලිපයේ මුලට ම විස්තරාත්මක ලෙස සටහන් කර තිබෙනවා

 

අප මහා⁣බෝසතාණන් වහන්සේ බුද්ධත්වය පිණිස බෝධිසම්භාර ධර්මයන් පුරමින් සිටිය දී  (පුරෙන්තෝ බෝධිසම්භාරේ), වටු ජාතියේ උපන් විට (නිබ්බත්තං වට්ටක ජාතියං) ඇවිලෙමින් තිබුණු මහා ගින්නක් දුරු කළ බවත්, සාරිපුත්තා මහා තෙරුන් වහන්සේ (තේරස්ස සාරිපුත්තස්සප්‍රමුඛ භික්ෂු සංඝයා අමතා ඒ (අතීත) කතාව ලෝකනාථයන් වහන්සේ (ලෝකනාථේනකියාසිටි (භාසිතං) බවත්, ඒ පිරිතේ තේජාන්විත බලය (මේකල්පය මුළුල්ලේ පවත්නා බවත් (කප්පට්ඨායි මහාතේජං) ජාතක පාලියේ එන වට්ටක ජාතකය පාදක කරගෙන සකසා ඇති වට්ටක පිරිතට මුලට ඇති නිධාන ගාථාවේ සදහන්ව තියෙනවා.


ගුණ ගරු පිදුම: අදින් සිව් වසරකට පෙර, එනම්, 2017 පෙබරවාරි මස 9 වෙනි දින වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අපවත් වී වදාල අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර අපගේ ගෞරවණීය ලොකු හාමුදුරුවන් වහන්සේ හට කරන උතුම් ධර්මෝපහාර පූජාවක් සේ "වහරකථේරාභිවන්දනා--මහානුභාවසම්පන්න වට්ටක පිරිත" යන මේ දහම් ලිපිය පූජා කරමි! පූජා කරමි! පූජා කරමි! පූජා වේවා! පූජා වේවා! පූජා ම වේවා!

සම්පාදක: අමිල සල්ගාදු, 2021 පෙබරවාරි.

බ්ලොග් සටහන්: http://amilasuwa.blogspot.com/

විද්‍යුත් ලිපිනය: amilasuwa@gmail.com

 

Comments

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

අස්ලිස නැකත් පද විමසුම-2

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!