Posts

Showing posts from July, 2020

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩේසු   තිට්ඨන්ති   සන්ධිසිංඝාටකේසු   ච   ද්වාරබාහාසු   තිට්ඨන්ති   ආගන්ත්වාන   සකං   ඝරං ඤාතිප්‍රේතයෝ  ( මිය   පරලොව   යාමෙන්   පසුව )  තමන්   පෙර   විසූ   ගෙය  ( ස්වකීය   ගෘහය )  කරා   පැමිණ   බිත්තියෙන්   පිට   ද   ගෘහසන්ධි ,  බිත්ති   මුල   යනා   දී   තැන්   හි   සිටිති . පහූතේ   අන්නපානම්හි   ඛජ්ජභොජ්ජේ   උපට්ඨිතේ   න   තේසං   කෝචි   සරති   සත්තානං   කම්මපච්චයා කන   බොන   බොහෝ   ආහාරපාන   පිළියෙල   ව   ඇති   කල්හි   පවා   කිසි   ම   නෑදෑයෙක්   ඒ   පරලොකරාප්ත   ඤාතීන්   ඔවුන්   ගේ   අකුසල   කර්මහේතුවෙන්   ම   සිහි   නො   කරයි . ඒවං   දදන්ති   ඤාතීනං   යේ   හොන්ති   අනුකම්පකා   සුචිං   පණීතං   කාලේන   කප්පියං   පානභෝජනං නෑයන්   අතුරෙන්   යම්   කෙනෙක්   ඒ   ඤාතිප්‍රේතයන්   උදෙසා   ඔවුනට   අනුකම්පා   වෙන්   කැප   වූ   ආහාර   පාන   දන්   දෙනු   ලබයි , ඉදං   වෝ   ඤාතීනං   හෝතු   සුඛිතා   හොන්තු   ඤාතයෝ   තේ   ච   තත්ථ   සමාගන්ත්වා   ඤාතිපේතා   සමාගතා මෙහි   රැස්   වූ   අප   ගේ   ඤාතිප්‍රේතයන්  “ මේ   දානය   පරලොව   ගිය   අප   ගේ   නෑයනට   වේවා