Posts

Showing posts with the label Abeyrathana Mahatha

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-7 "එවම්පි සබ්බභූතෙසු..."

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් අත්ථ-ධම්ම-නිරුක්ති-පටිභාන කියන සිව්පිළියා මහා ඥානයන්ගෙන්—සියලු වැහුම් හැර— අපට  පසක්කර දුන් කමටහනක් / ආරක්ඛක ගාථාවක් ගැන සිදු කරන කොටස්  හයකින්   හතකින්   යුතු විග්‍රහයක  අවසාන කොටස මෙය වේ .  මෙහිදී,  " මෙත්තං ච සබ්බලොකස්මිං මානසං භාවයෙ අපරිමානං උද්ධං අධො ච තිරියඤ්ච අසම්බාධං අවෙරං අසපත්තං" යන ගාථාවේ ආර්ය අරුත් විමසීමක් සිදු කෙරෙයි. වහරක හිමියන්ගේ ධර්ම දේශනා ඇසුරෙන් අපේ කළණ මිතුරු තිස්ස ලියනගේ මහතා කරන ලද්දේ "ධර්මයයි මමයි" සංයුක්ත තැටි මාලාව බව කරුණාවෙන් සලකන්න. වැරදීමකින් "ධර්මයයි ඔබයි" යනුවෙන් මා සඳහන් කළ කරුණ වරදක් බැවින් ඒ ගැන කමාව අයැදිමි. මෙම උතුම් දම් දායාදය තථාගත අරිහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේද, අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේගේද, තුන්-කාලික මහා සඟරුවනේද අනන්ත වූ ප්‍රඥ්ඥා ගුණකඳට මහා උපහාර පූජාවක්ම වේවා! මහා උපහාර පූජාවක්ම වේවා! මහා උපහාර පූජාවක්ම වේවා! අනන්ත සසරේ පටන් මේ දක්වා දැන හෝ නොදැන බුදුන් දහම් සඟුන් යන තෙරුවනට මාගේ හිත, කය, වචන ය

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-6 "එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං"

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස්  හයකින්   හතකින්   යුතු විග්‍රහයක හයවෙනි කොටස මෙය වේ. මෙහිදී " එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං" යන දහම් පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි.   මුලින්ම මෙම විග්‍රහය කොටස් හයකට සීමා කිරීමට අදහස් කලද මෙම වීඩියෝව සිදුකිරීමේදී සිදු  වූ  තාක්ෂණික  ගැටලු  සහ වෙනත් කරුණු හේතුවෙන් කොටස් හතක් වශයෙන් දිගු කිරීමට සිදුව ඇත.  ඒ අනුව මේ කමටහන ගැන සිදු කරන අවසාන කොටස හැටියට මා  මේ වීඩියෝවේ  සඳහන් කල නමුත්, එය එසේ නොවන බව සලකන්න.  අනිච්චේ දුක්ඛේ!

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-3

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්‍රහයක තෙවැන්න මෙය වේ. මෙහි "ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා" යන දහම් පදයන්හි පටිනිද්දේසයක් දැක්වේ. විවිධාකාරයෙන් බාවිතයේ එන අවසානයට කිව්ව ජන කවිය: ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ කපනූ  බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනූ  කඩුල්ලේ තරම දැන ගෙන වැට බඳිනූ  තමන්ගේ තරම දැන ගෙන කල් හරිනූ උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං!