නරියන්ට කුකුල්ලු බාරදෙන පනත
අන්තවාදය පතුරුවන.... බෞද්ධයන් බේද කරන අර්ථයෙන් විභජ්ජවාදී වන... කළ්‍යාණ මිත්‍ර සංසේවනයට වැටකපන .... සංඝ සාමග්ගිය බිඳදමන.... නැඟුණු දහම යටපත් කරන්න හීන දකින... සතුටින් උදව් දෙන කාර්යාල සහයක ගේ තැන් පටන් සියල්ලෝ ඒකාන්ගත දුගතියට හෙලන... නිරිපල්ලන්ට වැඩ වැඩිකරන... නරියන්ට කුකුල්ලු බාරදෙන... වසංගත ඇති කරන... තියෙන වසංගත වැඩි කරන.... ආරේ ගතියෙන් පිට යමා නිසා නුදුරේ ම පිටාරේ ගලන්න මගහසර සළසන.... වැලිකඩ විවේක අරණ තනන... කෙතරම් පන්දම් ඇල්ලුවත්, අසාර්ථක වෙන... කට්ට, මොට්ට, වෙට්ට පිත්තල පනත... මා වෙතින් ඉවතට පලයව්! පලයව්! පලයව්! පටික්ඛමන්ථු! පටික්ඛමන්ථු! පටික්ඛමන්ථු! පෝ...පෝ...පෝ....! Out You Go! Go! Go! .. දසත විහිදෙන සුවඳින් යුතු සඳුන් කඳක් කපන්න කපන්න, තලන්න තලන්න එහි සුමදුරු සුවඳ තව තවත් විහිදෙන්නා සේ... මොන මඟුල කලත් වහරක හිමි යළි මතු කළ දහමේ ගුණ රාවයන් පනත නිසා ම නොසිතූ මානයන්ට දින දින පැතිරෙනවා.... අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි සුවඳ