නරියන්ට කුකුල්ලු බාරදෙන පනත

 


අන්තවාදය පතුරුවන....

බෞද්ධයන් බේද කරන අර්ථයෙන් විභජ්ජවාදී වන...

කළ්‍යාණ මිත්‍ර සංසේවනයට වැටකපන ....

සංඝ සාමග්ගිය බිඳදමන....

නැඟුණු දහම යටපත් කරන්න හීන දකින...

සතුටින් උදව් දෙන කාර්යාල සහයක ගේ තැන් පටන් සියල්ලෝ ඒකාන්ගත දුගතියට හෙලන...

නිරිපල්ලන්ට වැඩ වැඩිකරන...

නරියන්ට කුකුල්ලු බාරදෙන...

වසංගත ඇති කරන...

තියෙන වසංගත වැඩි කරන....

ආරේ ගතියෙන් පිට යමා නිසා නුදුරේ ම පිටාරේ ගලන්න මගහසර සළසන....

වැලිකඩ විවේක අරණ තනන...

කෙතරම් පන්දම් ඇල්ලුවත්, අසාර්ථක වෙන...

කට්ට, මොට්ට, වෙට්ට පිත්තල පනත...

මා වෙතින් ඉවතට පලයව්! පලයව්!  පලයව්!  

පටික්ඛමන්ථු! පටික්ඛමන්ථු! පටික්ඛමන්ථු! 

පෝ...පෝ...පෝ....!

Out You Go! Go! Go! 

.. දසත විහිදෙන සුවඳින් යුතු සඳුන් කඳක් කපන්න කපන්න, තලන්න තලන්න එහි සුමදුරු සුවඳ තව තවත් විහිදෙන්නා සේ... මොන මඟුල කලත් වහරක හිමි යළි මතු කළ දහමේ ගුණ රාවයන් පනත නිසා ම නොසිතූ මානයන්ට දින දින පැතිරෙනවා.... 

අමිත ගුණ නුවණ යුතු උතුමෝ         පබඳ

අනත වෙහෙස ලදුවත් නොම වෙති   දුගඳ

දිගත පතළ සුවඳැති සොඳ සඳුන්       කඳ

සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි       සුවඳ

Comments

අවුරුදු 5000 ක් ලංකාවේ බුද්ධසාසනය පවතීමට ගෞතම බුදුරජාණන්වහන්සේ අධිශ්ටානයක් කලා නම් ඒක බුද්ධ අඥාවකි..! 2500 ක් ගිය තැන යමෙක් විශ්වාස කරනවානම් සාසනය රකින්නට ආන්ඩුවේ පනතක් අවශ්‍යයි කියල ඒ ඔහු හෝ ඇය බුද්ධ අඥාව අවඥාවට ලක්කිරීමකි ..! එහෙම වෙන්නෙ බුද්ධ බල බිදිලද ? නැත්නම් සාසනය යල්පැනලද ? කවුරු මේ බුද්ධ අඥාවක් අවඥාවට ලක්කරන්නෙ ? ශ්‍රී ලංකා රජය සහ පනත ගේන්න අනුසාසනා කරන මහනායක ස්වාමීන්වහන්සේලා ඇතුලු ස්වාමීන්වහන්සේලා පිරිසකි ..! මොන හේතුවක් ඉදිරිපත් කරමින් පනත ගෙනාවත් එතන තියෙන්නෙ අශ්‍රද්දාවකි..! එතන 5000 ක් සුරක්ශිතයි කියපු සාසනය ආන්ඩුවේ පනතක් නැතුව රකින්න බැහැයි කියන විශ්වාසයම ඒ ආන්ඩුව සහ ඊට අනුබල දෙන භික්ශූන් පිරිස බුද්ධ ශක්තියට වඩා ආන්ඩුවේ හයිය සහ උසාවියේ බලය වැඩියි කියල හිතන පිරිසකි..! බුද්ධ ශක්තිය හෑල්ලු කරපු ආන්ඩුවක් සහ භික්ශු පිරිසක් සාසනය රකින්නට පනතක් සත්බාවයකින් ගෙනෙයිද ? ඒ එක පැත්තකි. අනික බුද්ධ සාසනය වෙනුවෙන් ආන්ඩුවක් යමක් කරනවානම් ස්තිරවම රටේ බහුතරය වන බෞද්ධ පිරිස රජය කෙරෙහි ප්‍රසාදයට පත්වන ක්‍රියාවකි..! එහෙම ක්‍රියාවක් කරනවානම් ඒක කරන්නෙ විශාල ප්‍රසිද්දියක් ඇතුව කරල ලකුනු දාගන්නවා මිසක් මේ වගේ හොරරහසේ පනතක් ඉදිරිපත් කරයිද ? ඕකම ඇති මේ පනත යට සැගවුනු න්‍යාය පත්‍රයක් ඇතැයි සැකසිතීමට ..!

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!