Posts

Showing posts from April, 2021

නරියන්ට කුකුල්ලු බාරදෙන පනත

Image
  අන්තවාදය පතුරුවන.... බෞද්ධයන් බේද කරන අර්ථයෙන් විභජ්ජවාදී වන... කළ්‍යාණ මිත්‍ර සංසේවනයට වැටකපන .... සංඝ සාමග්ගිය බිඳදමන.... නැඟුණු දහම යටපත් කරන්න හීන දකින... සතුටින් උදව් දෙන කාර්යාල සහයක ගේ තැන් පටන් සියල්ලෝ ඒකාන්ගත දුගතියට හෙලන... නිරිපල්ලන්ට වැඩ වැඩිකරන... නරියන්ට කුකුල්ලු බාරදෙන... වසංගත ඇති කරන... තියෙන වසංගත වැඩි කරන.... ආරේ ගතියෙන් පිට යමා නිසා නුදුරේ ම පිටාරේ ගලන්න මගහසර සළසන.... වැලිකඩ විවේක අරණ තනන... කෙතරම් පන්දම් ඇල්ලුවත්, අසාර්ථක වෙන... කට්ට, මොට්ට, වෙට්ට පිත්තල පනත... මා වෙතින් ඉවතට පලයව්! පලයව්!  පලයව්!   පටික්ඛමන්ථු! පටික්ඛමන්ථු! පටික්ඛමන්ථු!  පෝ...පෝ...පෝ....! Out You Go! Go! Go!  .. දසත විහිදෙන සුවඳින් යුතු සඳුන් කඳක් කපන්න කපන්න, තලන්න තලන්න එහි සුමදුරු සුවඳ තව තවත් විහිදෙන්නා සේ... මොන මඟුල කලත් වහරක හිමි යළි මතු කළ දහමේ ගුණ රාවයන් පනත නිසා ම නොසිතූ මානයන්ට දින දින පැතිරෙනවා....  අමිත ගුණ නුවණ යුතු උතුමෝ         පබඳ අනත වෙහෙස ලදුවත් නොම වෙති   දුගඳ දිගත පතළ සුවඳැති සොඳ සඳුන්       කඳ සිඳිත මඩිත එක ලෙස පැතිරෙයි       සුවඳ

ත්‍රිපිටකයට ඉබි යතුරු දාන පනත් කෙටුම්පත පරදවමු.

Image
  ‘‘සියා ඛො පනානන්‌ද, තුම්‌හාකං එවමස්‌ස – ‘අතීතසත්‌ථුකං පාවචනං, නත්‌ථි නෝ සත්‌ථා’ති. න ඛෝ පනේතං, ආනන්‌ද, ඒවං දට්‌ඨබ්‌බං. යෝ වෝ, ආනන්‌ද, මයා ධම්‌මෝ ච විනයෝ ච දෙසිතෝ පඤ්‌ඤත්‌තෝ, සෝ වෝ මමච්‌චයේන සත්‌ථා...” - “ආනන්දය, නුඹ වහන්සේලාට ‘මේ බුද්ධදේශනාව පිරිනිවුණු ශාස්තෘවරයෙකු ගේ දේශනාවකි, අපගේ ශාස්තෘන් වහන්සේ දැන් නැත’යි මෙසේ අදහසක් ඇති වන්නේ නම්, ආනන්දය එය එසේ නොදත යුතුය. ආනන්දය, මා විසින් යම් ධර්මයක් ද විනයක් ද දේශනා කරනා ලද්දේ ද පනවන ලද්දේ ද, ඒ ධර්මවිනය මගේ ඇවෑමෙන් නුඹ වහන්සේලාට ශාස්තෘන් වහන්සේ වන්නේය” තමන් ගේ ඈවෑමෙන් පසුව පහලොස් දෙනෙකු ගෙන් සමන්විත ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයකට ශාස්තෘ කත්‍ය කරන්න ඉහත සඳහන් මහාපරිනිබ්බාන සූත්‍ර පාඨය අනුව තථාගතයන් වහන්සේ විසින් අවසර දී නැහැ.  තථාගතයන් වහන්සේ ගේ සුගත සිවුර දරන්නට සමත් වූ මහා කාෂ්‍යප මහා රහතන් වහන්සේට වත් බාර නොදුන්න ඒ වැඩේ, අපි තවම පෘතගජන යැයි කියා ගන්නා ගිහි පැවිදි කිහිපදෙනෙකුට දෙයි ද? ඒ නිසා මේ පනත ධර්මය විනය යටපත් කරවන්න ආ මර උගුලක්. අප බුදුපියාණන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මහනෙල් මල් සුවඳ විහිදෙන ඒ ශ්‍රී මුඛයෙන් දේශණා කරන්නට යෙදුන උත