Posts

Showing posts with the label Naga Loka

අස්ලිස නැකත් පද විමසුම-5

Image
මේ අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්‍රහයේ සිව්වන කොටසය. මෙහිදී මුලින්ම අස්ලිස නැකතේ නැකත් දේවතාවන්සේ ජ්‍යෝතීශ්‍යයේ සළකන නාග ලෝකයේ පිරිස් පූර්වයේ මනුෂ්‍යව සිටියදී වඩන ලද සංඛාර ගැන ආවර්ජනය කරගැනිමක් සිදුකයි. ඉන් පසුව, නාග ලෝකයේ පිරිස් ජන සංස්කෘතියට සම්බන්ධ වී ඇති ආකාරය කෙටියෙන් විමසා බලයි. නැකත් දේව පිරිස් වල රූපාන්තරණය වැනි ගති ස්වභාවයන් අස්ලිස නැකත් ජන්මීන්ගෙන් විද්‍යාමාන වෙන හැටි නැවතත් විමසා බලයි. කාම ලෝකයට අධිපති දෙවියන්ගේ ඇති පංච කාමයට අධිපතිත්වය සනිටුහන් කරන නාග පෙන පහකින් යුතු නාග ශීර්ෂ සංඛේතය ආදී ස්වභාවයන්ද විමසුමට ලක්කරයි. ඒවාගේම, අස්ලිස නැකත සේම තීක්ෂණ/දරුණු නැකතක් ආකාරයට ජ්‍යෝතීෂ්‍යයේ සලකන වන මූල නැකත සම්බන්ද ප්‍රකාරයන්ද කෙටියෙන් විෂ්ලේශණය කරයි. අවසාන වශයෙන්, "ධර්ම" නම් පුරුශාර්ථයෙන් හෙබි අස්ලිස නැකත් ජන්මීන් " සැබවින්ම පෙනේ පිප්පිය යුත්තේ කුමන අවස්ථාවකදීද ?" යන්නත් විමසුමට ලක් කරයි. ඉන්පසුව, කෙටි පුණ්‍යානුමෝදනාවකින් මෙම අස්ලිස නැකත් පද විමසුමේ අවසානය සනිටුහන් කරයි. (මෙම ශ්‍රව්‍ය-දෘෂ්‍ය පෙළහැරෙහි දැක්වෙන වචන පද ආදිය හොදින් නැරඹීමට...

අස්ලිස නැකත් පද විමසුම-2

Image
අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්‍රහයේ දෙවෙනි කොටස මෙය වේ. විදේශීය විද්වත් ජ්‍යෝතීශ්‍යවේදීන් සහ පර්යේෂකයන් අස්ලිස නැකත පිළිබඳව ඉදිරිපත් කරන යතුරු පද keywords කිහිපයක් මෙහිදී විමසා බලයි. ඒ අතර එම යතුරු පද වලින් නිවේදනය කරන ප්‍රකාරයන් ලෞකික සහ ලෝකෝත්තර හේතුපල දහමට අනුව ගැඹුරෙන් විමසීමක් ද සිදුකරයි. බොහෝ කාලයක් සැඟව ගොස් තිබී යලි මතුකල නිර්මල සද්ධර්මයට අනුව, ග්‍රහ අපල අවම කර ගෙන නිවන් මග වැඩීමට ගැනීමට අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද උතුම් සාසනික විසදුම් කිහිපයක් මතක් කිරීමද සිදු කරනු ලබයි. (මෙම ශ්‍රව්‍ය-දෘෂ්‍ය පෙළහැරෙහි දැක්වෙන වචන පද ආදිය හොදින් නැරඹීමට වීඩියෝවේහි දකුණුපස පහත කොටසේ ඇති Settings ඹස්සේ Quality එක 480p දක්වා වැඩි කරගැනීම යහපත්ය.)

අස්ලිස නැකත් පද විමසුම-1

Image
තෙරුවන් සරණයි! අස්ලිස නැකත මුල්කරගෙන  කොටස් පහකින් යුතු ව   සිදුකරන ලෞකික හා ලෝකෝත්තර හේතුපල විග්‍රහයක පලමු කොටසයි මේ. මෙහිදී අස්ලිස නැකත පිළිබඳ මූලික සමාලෝචනයක් සිදු කරයි. ඒ අතර මහා ඍෂීන් වහන්සේලා මෙම නැකතෙහි ශක්තිය වශයෙන් ඉදිරිපත් කරන වන "විෂ්ආශ්ලිශ ශක්තිය" සම්බන්ධ තතු ගැඹුරෙන් විමසීමක් ද සිදු කරයි. බොහෝ කාලයක් සැඟව ගොස් තිබී යලි මතුකල නිර්මල සද්ධර්මයට අනුව, ග්‍රහ අපල අවම කර ගෙන නිවන් මග වැඩීමට අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද උතුම් බණ පදයක් මතක් කර ගැනීමද සිදු කරනු ලබයි. (මෙම ශ්‍රව්‍ය-දෘෂ්‍ය පෙළහැරෙහි දැක්වෙන වචන පද ආදිය හොදින් නැරඹීමට වීඩියෝවේහි දකුණුපස පහත කොටසේ ඇති Settings ඹස්සේ Quality එක 480p දක්වා වැඩි කරගැනීම යහපත්ය.)