Posts

ධර්මය තුලින් මා දුටු රහතන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය

Image
ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්ත චිත්තා ආයතිකෙ භවස්මිං  තෙ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා  නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ  ඉදම්පි සඞඝෙ රතනං පණීතං  එතෙන සච්චේන සුවත්ථි හොතු

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-7 "එවම්පි සබ්බභූතෙසු..."

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේ විසින් අත්ථ-ධම්ම-නිරුක්ති-පටිභාන කියන සිව්පිළියා මහා ඥානයන්ගෙන්—සියලු වැහුම් හැර— අපට  පසක්කර දුන් කමටහනක් / ආරක්ඛක ගාථාවක් ගැන සිදු කරන කොටස්  හයකින්   හතකින්   යුතු විග්‍රහයක  අවසාන කොටස මෙය වේ .  මෙහිදී,  " මෙත්තං ච සබ්බලොකස්මිං මානසං භාවයෙ අපරිමානං උද්ධං අධො ච තිරියඤ්ච අසම්බාධං අවෙරං අසපත්තං" යන ගාථාවේ ආර්ය අරුත් විමසීමක් සිදු කෙරෙයි. වහරක හිමියන්ගේ ධර්ම දේශනා ඇසුරෙන් අපේ කළණ මිතුරු තිස්ස ලියනගේ මහතා කරන ලද්දේ "ධර්මයයි මමයි" සංයුක්ත තැටි මාලාව බව කරුණාවෙන් සලකන්න. වැරදීමකින් "ධර්මයයි ඔබයි" යනුවෙන් මා සඳහන් කළ කරුණ වරදක් බැවින් ඒ ගැන කමාව අයැදිමි. මෙම උතුම් දම් දායාදය තථාගත අරිහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේද, අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේගේද, තුන්-කාලික මහා සඟරුවනේද අනන්ත වූ ප්‍රඥ්ඥා ගුණකඳට මහා උපහාර පූජාවක්ම වේවා! මහා උපහාර පූජාවක්ම වේවා! මහා උපහාර පූජාවක්ම වේවා! අනන්ත සසරේ පටන් මේ දක්වා දැන හෝ නොදැන බුදුන් දහම් සඟුන් යන තෙරුවනට මාගේ හිත, ...

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-6 "එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං"

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස්  හයකින්   හතකින්   යුතු විග්‍රහයක හයවෙනි කොටස මෙය වේ. මෙහිදී " එවම්පි සබ්බභූතෙසු මානසං භාවයෙ අපරිමානං" යන දහම් පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි.   මුලින්ම මෙම විග්‍රහය කොටස් හයකට සීමා කිරීමට අදහස් කලද මෙම වීඩියෝව සිදුකිරීමේදී සිදු  වූ  තාක්ෂණික  ගැටලු  සහ වෙනත් කරුණු හේතුවෙන් කොටස් හතක් වශයෙන් දිගු කිරීමට සිදුව ඇත.  ඒ අනුව මේ කමටහන ගැන සිදු කරන අවසාන කොටස හැටියට මා  මේ වීඩියෝවේ  සඳහන් කල නමුත්, එය එසේ නොවන බව සලකන්න.  අනිච්චේ දුක්ඛේ!

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-5 ("මාතා යථා නියං පුත්තං..." පාඨයේ සැඟවුණු දහම් අරුත)

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින්   හතකින්   යුතු විග්‍රහයක පස්වෙනි කොටස මෙය වේ. මෙහිදී අද කාලයේ පද පරම ලෞකික ඇරුත් වලින් වැසී ඇති "මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ" යන දහම් නිධානයක් පෙන්වා දෙන බුද්ධ භාෂිත පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි. බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කල දෙයක් දේශනා නොකල දෙයක් හැටියට කියන කෙනාද, දේශනා නොකල දෙයක් දේශනා කල දෙයක් හැටියට කියන කෙනාද, උන්වහන්සේ විසින් පෙන්වා දුන් නෙයියාර්ථ දනවන දහම් පදයන් සහ අරුත් නීථාර්ථ ලෙස අරුත් දක්වන කෙනාද, නීථාර්ථ දනවන දහම් පදයන් සහ අරුත් නෙයියාර්ථ ලෙස අරුත් දක්වන කෙනාද, බුදු පියාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නෝ බව ධර්මයේ සඳහන්වේ.  මෙතෙක් කලක් මේ දහම් පද වැරදි ලෙස ඔබ වටහා ගෙන ඇත්නම් ඒ වැරදි දැකීම් නිවැරදිව දකිත්වා යැයි කරුණා මෙත් සිතින් පතමි! "ඡන්නමති වස්සති විවටං නාති වස්සති තස්මා ඡන්නං විවරේථ ඒවං තං නාතිවස්සති"  ධම්ම පදය නිරය වග්ගයෙහි එන ඉහත ගාථාවට අනුව "වරද වැසීමෙන් වරද වැඩි ...

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-4

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්‍රහයක සිව්වන කොටස මෙය වේ. මෙහිදී "නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡෙය්‍ය" යන පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි. උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං!

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-3

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්‍රහයක තෙවැන්න මෙය වේ. මෙහි "ඛ්‍යාරොසනා පටිඝසඤ්ඤා" යන දහම් පදයන්හි පටිනිද්දේසයක් දැක්වේ. විවිධාකාරයෙන් බාවිතයේ එන අවසානයට කිව්ව ජන කවිය: ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ කපනූ  බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනූ  කඩුල්ලේ තරම දැන ගෙන වැට බඳිනූ  තමන්ගේ තරම දැන ගෙන කල් හරිනූ උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං!

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-2

Image
කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්‍රහයක දෙවැන්න මෙය වේ. මෙහි "නාතිමඤ්ඤේථ කත්ථචිනංකඤ්චි" යන දහම් පදයන්හි ආර්ය අර්ථ විමසීමක් සිදු කෙරේ. උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං!

අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-1

Image
උද්ධං අධෝච තිරියංච  අසම්බාධං අවේරං අසපත්තං!  

අස්ලිස නැකත් පද විමසුම-5

Image
මේ අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්‍රහයේ සිව්වන කොටසය. මෙහිදී මුලින්ම අස්ලිස නැකතේ නැකත් දේවතාවන්සේ ජ්‍යෝතීශ්‍යයේ සළකන නාග ලෝකයේ පිරිස් පූර්වයේ මනුෂ්‍යව සිටියදී වඩන ලද සංඛාර ගැන ආවර්ජනය කරගැනිමක් සිදුකයි. ඉන් පසුව, නාග ලෝකයේ පිරිස් ජන සංස්කෘතියට සම්බන්ධ වී ඇති ආකාරය කෙටියෙන් විමසා බලයි. නැකත් දේව පිරිස් වල රූපාන්තරණය වැනි ගති ස්වභාවයන් අස්ලිස නැකත් ජන්මීන්ගෙන් විද්‍යාමාන වෙන හැටි නැවතත් විමසා බලයි. කාම ලෝකයට අධිපති දෙවියන්ගේ ඇති පංච කාමයට අධිපතිත්වය සනිටුහන් කරන නාග පෙන පහකින් යුතු නාග ශීර්ෂ සංඛේතය ආදී ස්වභාවයන්ද විමසුමට ලක්කරයි. ඒවාගේම, අස්ලිස නැකත සේම තීක්ෂණ/දරුණු නැකතක් ආකාරයට ජ්‍යෝතීෂ්‍යයේ සලකන වන මූල නැකත සම්බන්ද ප්‍රකාරයන්ද කෙටියෙන් විෂ්ලේශණය කරයි. අවසාන වශයෙන්, "ධර්ම" නම් පුරුශාර්ථයෙන් හෙබි අස්ලිස නැකත් ජන්මීන් " සැබවින්ම පෙනේ පිප්පිය යුත්තේ කුමන අවස්ථාවකදීද ?" යන්නත් විමසුමට ලක් කරයි. ඉන්පසුව, කෙටි පුණ්‍යානුමෝදනාවකින් මෙම අස්ලිස නැකත් පද විමසුමේ අවසානය සනිටුහන් කරයි. (මෙම ශ්‍රව්‍ය-දෘෂ්‍ය පෙළහැරෙහි දැක්වෙන වචන පද ආදිය හොදින් නැරඹීමට...

අස්ලිස නැකත් පද විමසුම-4

Image
මේ අස්ලිස නැකත පිළිබඳව කොටස් පහකින් යුතු දීර්ඝ විග්‍රහයේ සිව්වන කොටසය. බුදු දහමට අනුව ලෝකය අභ්‍යන්තර සහ භාහිර ලෙස දෙආකාරයකි. අභ්‍යන්තර ලෝකය ඇස, කන, නාසය, දිව, ශරීරය, මන ලෙසත්; භාහර ලෝකය රෑප, ශබ්ද, ගන්ඳ, රස, පොට්ටබ්බ, ධර්ම ලෙසත් ධර්මයේ සඳහන් වෙයි. බුදු පියාණන් වහන්සේ වසර දෙදහස් හයසීයකටත් කළින් විග්‍රහ කර ඇති මේ සත්‍ය සනාථ කරමින් භෞතික විද්‍යා ඇසට දැන් දැන් "නව සොයා ගැනීම්" හසුවී ඇත. දස අකුසලයෙන් තොරව සිටයදි මනුෂ්‍යයන්ගේ තිබුණු යහපත් ගති දුරට අස්වෙලා - "දුරස් වෙලා", එසේම "ස්ව" නොහොත් තමන් ලග තිබුන ගුණවත් ශක්තිය විසි වෙලා - "විස්ව" - "විශ්වය" නිර්මානය වී ඇති හැටිත්, තමන් "ස්ව" හැටියට දැරූ "ධර්ම" සහ "භාවයන්" දුරට අස් වීමෙන් දුරස්වීමෙන් "ස්වභාව ධර්මය" හට ගෙන තිබෙන හැටිත් ආදී විශ්වසම්භව යථාර්ථයන් ( Big Bang Theory ආදීය සුරංගනා කථා බවට පත් කරමින්) අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර තෙරුන් වහන්සේ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව්පිළිසිඹියා ඥානයන්ගෙන් සියලු වැහුම් හැර දේශනාකර හමාරය. (මෙම ශ්‍රව්‍ය...