අනුබුදු සඳහම් වර්ෂා — නපරෝපරං නිකුබ්බේත කමටහන-5 ("මාතා යථා නියං පුත්තං..." පාඨයේ සැඟවුණු දහම් අරුත)




කරණීය මත්ත සූත්‍රානුසාරයෙන් අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමියන් විසින් පෙන්වා වදාල කමටහනක් / ආරක්ෂක ගාථාවක් ගැන සිදු කරන කොටස් හයකින් හතකින් යුතු විග්‍රහයක පස්වෙනි කොටස මෙය වේ. මෙහිදී අද කාලයේ පද පරම ලෞකික ඇරුත් වලින් වැසී ඇති "මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛෙ" යන දහම් නිධානයක් පෙන්වා දෙන බුද්ධ භාෂිත පදයන්හි අරුත් විමසීමක් සිදු කෙරෙයි.

බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කල දෙයක් දේශනා නොකල දෙයක් හැටියට කියන කෙනාද, දේශනා නොකල දෙයක් දේශනා කල දෙයක් හැටියට කියන කෙනාද, උන්වහන්සේ විසින් පෙන්වා දුන් නෙයියාර්ථ දනවන දහම් පදයන් සහ අරුත් නීථාර්ථ ලෙස අරුත් දක්වන කෙනාද, නීථාර්ථ දනවන දහම් පදයන් සහ අරුත් නෙයියාර්ථ ලෙස අරුත් දක්වන කෙනාද, බුදු පියාණන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නෝ බව ධර්මයේ සඳහන්වේ. 

මෙතෙක් කලක් මේ දහම් පද වැරදි ලෙස ඔබ වටහා ගෙන ඇත්නම් ඒ වැරදි දැකීම් නිවැරදිව දකිත්වා යැයි කරුණා මෙත් සිතින් පතමි!

"ඡන්නමති වස්සති
විවටං නාති වස්සති
තස්මා ඡන්නං විවරේථ
ඒවං තං නාතිවස්සති" 

ධම්ම පදය නිරය වග්ගයෙහි එන ඉහත ගාථාවට අනුව "වරද වැසීමෙන් වරද වැඩි වේ;  වරද හෙළි කිරීමෙන් වරද වැඩි නොවේ. එබැවින් වරද හෙළි කරන්න. එවිට වරද වර්ධනය නොවේ."


ඒවාගේම,
"නිධීනංච පවත්තාරං
යං පස්සේ වජ්ජදස්සිනං
නිග්ගයිහවාදිං මේධාවිං
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස
සය්‍යෝ හෝති න පාපියෝ"
ධම්ම පදය පණ්ඩිත වග්ගයේ එන ඉහත ගාථා රතනයට අනුව, "යමෙකුගේ යම්කිසි වරදක් දැක එය පෙන්වා දෙමින් තරයේ අවවාද කරන්නා වූ මිත්‍රයෙක් වේ නම් ඔහු අනගි මහා නිධානයක් පෙන්වන්නෙක් මෙන් සලකා සේවනය කළ යුතුය. එවැන්නෙක් ඇසුරු කරන්නාට යහපතක් මිස අවැඩක් සිදු නොවේ."
ඒ නිසා "පඞියන්" බහුල මේ කාලයේ, ඉහත ආකාරයේ සැබෑ පණ්ඩිතයන් සේවනය කර අද අද ම උතුම් නිවන් මගට සියල්ලෝ පැමිණෙත්වා!
"ඒකංහි සච්චං න දුතිය මත්ති" යන උතුම් බුදු ඔවදනට අනුව සත්‍ය එකක් මිස දෙකක් නැති නිසා, ආලවක දමනයේදී බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද "සච්චං හවේ සාධුතරං රසානං" කියන ආකායට ලෝකේ සියලු රස පරදන ආර්ය වූ ඒ පරම සත්‍ය හතර සියලු ලෝක සියලු සත්ත්වයෝ අවබෝධ කර ගනිත්වා!
උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං!

Comments

Popular posts from this blog

රතන සූත්‍රය තේරෙන සිංහලෙන්

තිරෝකුඩ්ඩ සූත්‍රය තේරෙන සිංහලෙන්

2012 දෙසැම්බර් 21 ලෝක විනාශය සිදු නොවන බවට වහරක හිමියන් 2008 සිට කල දේශණා දහයක්!