‘‘සියා ඛො පනානන්‌ද, තුම්‌හාකං එවමස්‌ස – ‘අතීතසත්‌ථුකං පාවචනං, නත්‌ථි නෝ සත්‌ථා’ති. න ඛෝ පනේතං, ආනන්‌ද, ඒවං දට්‌ඨබ්‌බං. යෝ වෝ, ආනන්‌ද, මයා ධම්‌මෝ ච විනයෝ ච දෙසිතෝ පඤ්‌ඤත්‌තෝ, සෝ වෝ මමච්‌චයේන සත්‌ථා...” - “ආනන්දය, නුඹ වහන්සේලාට ‘මේ බුද්ධදේශනාව පිරිනිවුණු ශාස්තෘවරයෙකු ගේ දේශනාවකි, අපගේ ශාස්තෘන් වහන්සේ දැන් නැත’යි මෙසේ අදහසක් ඇති වන්නේ නම්, ආනන්දය එය එසේ නොදත යුතුය. ආනන්දය, මා විසින් යම් ධර්මයක් ද විනයක් ද දේශනා කරනා ලද්දේ ද පනවන ලද්දේ ද, ඒ ධර්මවිනය මගේ ඇවෑමෙන් නුඹ වහන්සේලාට ශාස්තෘන් වහන්සේ වන්නේය” තමන් ගේ ඈවෑමෙන් පසුව පහලොස් දෙනෙකු ගෙන් සමන්විත ඊනියා ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයකට ශාස්තෘ කත්‍ය කරන්න ඉහත සඳහන් මහාපරිනිබ්බාන සූත්‍ර පාඨය අනුව තථාගතයන් වහන්සේ විසින් අවසර දී නැහැ. තථාගතයන් වහන්සේ ගේ සුගත සිවුර දරන්නට සමත් වූ මහා කාෂ්‍යප මහා රහතන් වහන්සේට වත් බාර නොදුන්න ඒ වැඩේ, අපි තවම පෘතගජන යැයි කියා ගන්නා ගිහි පැවිදි කිහිපදෙනෙකුට දෙයි ද? ඒ නිසා මේ පනත ධර්මය විනය යටපත් කරවන්න ආ මර උගුලක්. අප බුදුපියාණන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මහනෙල් මල් සුවඳ විහිදෙන ඒ ශ්‍රී මුඛයෙන් දේශණා කරන්නට...